ආයුබෝවන්!

"සිසාරා" වෙබ් අඩවියට පිවිසුන ඔබ ඉතා සෙනෙහසින් "ආයුබෝවන්" කියල පිළිගන්නවා.

"සිසාරා" සිංහල බස මුල් කරගත් වෙබ් අඩවියක්. සිය ජීවිතයේ අඩ සිය වස් විය සපුරන සිසිර දිසානායක (Sisira Dissanayake) ගේ කලා හා වෘත්තීය ජීවිතයේ මතක සටහන් තැන්පත් කෙරෙනා අඩවියයි මේ.

මේ අඩවියේ සැරි සරන ඔබට හමුවෙන්නේ සිසිර කළ කී ලිව් දේ පමණක් නොවෙයි. ඒ දේට අදාල පුද්ගලයින් පිළිබඳව හා ඒ දේට අදාලව ඒ ඒ පුද්ගලයින් කළ කී දේවල්ද ඉදිරියේදී හමු වේවි.

අනෙක් සිංහල මාධ්‍ය වෙනුවෙන් පොදු රසික, පාඨක, ප්‍රේක්‍ෂක හා ශ්‍රාවක පිරිසක් ඉලක්ක කරගෙන සිසිර කළ කී ලිව් දේ පිළිබඳව වඩාත් සවිස්තරව, ගැඹුරින් යමක් ඉදිරිපත් කිරීම සඳහාත් "සිසාරා" ඉඩ වෙන්වෙනවා.

ඊට අමතරව අඩවියේ සැරි සරන ඔබටත් අදහස් දක්වන්න හා වැඩිපුර යමක් එක් කරන්නට සඳැල්ලක් ඉදිවෙනවා. ඒ සඳහා ඔබගේ අදහස් අපගේ ඉදිරි ගමනේ ඉසව්ව තීරණය කරන වැදගත් සාධක වන නිසයි. සැබවින්ම ඔබගේ සමබර අදහස් අප ඉදිරියට ගෙන යන වටිනා වාහක සම්පත් වෙනවා. ඒ නිසා අප හා එක්වන්නට ඔබට ආදරයෙන් හා ගෞරවයෙන් ආරාධනා කරනවා.